තේ දල්ලෙන් දකුණ ජයකොඩි නංන්වයි


ශ්‍රී ලංකා තේ ඉතිහාසයේ  අමු තේ දලු කිලෝවක් සඳහා  කුඩා තේ වතු හිමියනට වැඩිම මුදලක් ගෙවීමට පහත රට ඇතැම් තේ කම්හල් හිමියෝ සමත් වී සිටිති.

 මේ අනුව ඔක්තෝබර් මාසය සදහා අමු තේ දලු කිලෝවකට රුපියල් 92.10 ක් කුඩා තේවතු හිමියනට ගෙවා ඇති බව  කළුබෝවිටියන සී ටී සී තේ කම්හලේ අධිකාරී ජනක තිලකරත්න මහතා පවසයි.

කළුබෝවිටියන තේ කම්හලේ නිෂ්පාදිත තේ කිලෝවක් සදහා  ශ්‍රී ලංකා තේ වෙන්දේසියේදී රුපියල් 688 ලැබු බවත් එය පහත රට තේ සදහා  තේ වෙන්දේසියේදී ලැබුණු  ඉහළම මිල  බවත්  තිලකරත්න මහතා කියයි.

කළුබෝවිටියන  තේ කම්හලට කුඩා තේ වතු හිමියන් 2100  දෙනකු  අමු තේ දලු සපයන අතර  විසි දහසක පමණ දෙනෙක් එයින් ප්‍රයෝජන ලබති.

පහත රට තේ නිෂ්පාදනයේ  නෙළුව මැද ගම තේ කම්හල වෙන අමු තේ දලු සපයන කුඩා තේ වතු  හිමියන් සදහා අමු තේ දලු කිලෝවක් සදහා  රුපියල් 84.50 ක මුදලක් හිනිදුම හීන්ගල්ගොඩ තේ කම්හල අමු තේ දලු කිලෝවකට රුපියල් 86.00 ක්ද නෙළුව මාවනාන සුවිස්කා තේ කම්හල දලු තේ කිලෝවකට රුපියල් 83.00 ක්ද තවලම සිහාරා තේ කම්හල රුපියල් 83.00 ගෙවා ඇති බව එම කම්හලේ අධිකාරිවරු පැවසුහ.

අමු තේ දලු සදහා රුපියල් 80 ක් 92 ක් දක්වා මිලක්  ලැබෙයි.