තේ කම්හල් 213ක් වැහිලා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විවිධ ගැටලු හේතුවෙන් රට පුරා තේ කර්මාන්තාලා 213ක් 1986 සිට මේ දක්වා වැසී ගොස් ඇතැයි වැවිලිඅමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තේ කම්හල් දහතුනක් 2018 වර්ෂයේදීද තේ කම්මල් දාහතක් 2019 වර්ෂයේදීද කම්මල් දහතුනක් 2020 වර්ෂයේදී ද කම්මල් දාහතරක් 2022 වර්ෂයේදී ද කම්හල් දහනමයක් 2023 වර්ෂයේදීද කම්මල් හයක් 2025 වර්ෂයේ වර්ෂයේදීද මෙසේ වැසී ගොස් ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මේවා වැසී යන්නේ මාසයෙන් දෙකෙන් ඇතිවන තත්ත්වයන් තුළ නොවේ යැයිද  විද්‍යාරත්න මහතා පැවසීය

කළමනාකරණයේ දෝෂ දළු ප්‍රමාණවත් නොවීම පසුගිය රජයන්හි ක්‍රියා කලාප  වැනි හේතු මේවා වසා දැමීමට හේතු වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා සමහර කර්මාන්ත ශාලා උපරිම ධාරිතාවෙන් පවත්වාගෙන නොයන බවද ප්‍රකාශ කළේ

ලංකාවේ තේ කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට පැමිණ සිටින බවත් එය ගලවා ගැනීමට අමාත්‍යංශය මැදිහත්ව සිටින බවත් හෙතෙම පැවසීය.

වැසී  ගිය කර්මාන්තාලා යම් ප්‍රමාණයක් නැවත විවෘත කර ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීවේය.

වැසී ගිය කර්මාන්තශාලා ආයෝජකයන්ට ගන්න පුළුවන් විදියට කටයුතු කිරීමට සූදානම් බව  හෙතෙම වැඩිදුරටත් පැවසීය

ඔහු මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්  මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.