තේක්ක සෙවනේ මුරුංගා වවා හරිත සම්මානය දිනයි


 ජර්මනියේ බර්ලින් නුවර පැවති 2014 විශ්ව හරිත සම්මාන උළෙලේ කෘෂි කර්මාන්තයේ නව සංකල්ප හඳුන්වා  දීම යටතේ වු    සම්මානය හිමිකර ගැනීමට නෙරළු වැවිලි කර්මාන්ත ආයතනය සමත් විය.  

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිනාගත් මෙම සම්මානයද රැගෙන නෙරළු වැවිලි කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂක ධනුෂ්ක ලංකා තරංග ලියනගේ මහතා පසුගිය දා දිවයිනට පැමිණියේය.

මෙම සම්මාන උළෙල සඳහා රටවල් 52 ක සමාගම් 92 ක පුද්ගලයෝ 204 ක් තරග කළහ.

ඔහු ලබා ගත් මෙම සම්මානය පිළිබඳ ඔහු පවසන්නේ  ද්විත්ව වානිජ වගා ව්‍යාපෘතියක් ලොවට හඳුන්වා දීම වෙනුවෙන් මෙම  සම්මානය හිමි වු බවයි.

තම ආයතනය මගින් පොල්, තේක්ක යන ප්‍රධාන භෝග සමග අතුරු භෝගයක් ලෙස ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි මුරුංගා වගාව හඳුන්වා දුන් බව ඔහු කියයි.

මුුරුංගා භෝගය ආශ්‍රීතව වලින් සුවඳ විලවුන්, ඖෂධ, ආලේපන, තෙල් වර්ග  ඇතුළු බොහෝ දේ නිෂ්පාදනය කළ හැකි බැවින් ඒ සඳහා ආයෝජකයින් පොළඹවා ගැනීම ඔහුගේ අරමුණයි.

1111 2222 4444