කළුතර දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අද ප්රතික්ෂේප කළේය.
අලුත්ගම හා බේරුවල ජුනි 15 වැනි දා ඇතිවූ සිද්ධියට පොලිසිය වග කිව යුතු බවත්, පොලිසිය ඉදිරිපිට තමා පහර කෑමට ලක්වූ බවත් එයි වගකීම බාරගෙන පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවත් නොඑසේනම් තමා අස්වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට බාර දුන් බවක් මෙතෙක් වාර්තා වූයේ නැත.

