තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්න යයි


අගලවත්ත නගරයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එම පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙක් දැනටම අත්අඩංගුවට ගෙන සිටිති.

මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා වීඩියෝ පටයක් ද සමඟ පොලිස්පතිට පැමිණිල්ලක් ද කර ඇත.