තෙලේ සහනය ජනතාවට දෙන්න


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට නොපමාව ක්රිියාකරන්නැයි මුදල් අමාත්යාං ශය භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන්  ඉල්ලීමක් කළේය.

ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට දීමට බොහෝ ආයතන ක්රි්යා කර නැතැයි මුදල් අමාත්යාං ශයට පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇතැයි පැවසේ.අමාත්යාං ශය මූලික පියවරක් ලෙස  මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ අනුවය.

තවද ඉන්ධන මිල අඩු කිරීමේ සහනය ජනතාවට පුළුල් අයුරින් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රිඉයාත්මක  කිරීමට  මුදල් අමාත්යාංශශය තීරණය කර ඇත.

මේ අතර ඉන්ධන මිල අඩු කිරීමට  සාපේක්ෂව   සහල් මිලද යම් ප්රරමාණයකින් අඩු කළ හැකි බව පාරිභෝගික සංගම් පෙන්වා දෙයි.

ඔක්ටෙන් 92 පෙට්ර ල් ලීටරයක් රුපියල් 60 කින්ද  ඔක්ටේන් 95 පෙට්රෙල් ලීටරයක්  රුපියල් 135කින්ද , සුදු ඩීසල් ලීටරයක් රුපියල් 80 කින්ද  සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් සහ  භූමිතෙල් ලීටරයක් රුපියල් 10 කින්ද  පසුගියදා අඩු කෙරිණ.