තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් ගැටී 16ක් රෝහලට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තෙලිඟු ජාතිකයන් දෙපිරිසක් අතර පසුගිය 15 වැනිදා ඇතිවූ ගැටුමකින් 16 දෙනකු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ, තබලගමුව පොලිසිය පවසයි.

තෙළිඟු ජාතිකයන් වෙසෙන මෙම නිවාස සමුහයේ වෙසෙන අයකු කසිප්පු පානය කර පැමිණ ඔහුගේ පුතකුට පහරදීමක් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පහරදීමේ සිද්ධිය මුල් කරගෙන දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

ගැටුමකින් තුවාල ලැබූ මෙම 16 දෙනා ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවට රෝහල් පොලීසිය  තඹලගමුව පොලිසියට පොලීසියට ඊයේ16 දැනුම්දීමක් කර ඇත.

තබලගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.