පැරෑලිය තෙල්වත්ත ප්‍රදේශයේ අද (6) වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නිවාඩුවට නිවසට පැමිණ සිටි හමුදාවේ සාජන් මේජර්වරයකු බව කියන පුද්ගලයකු සිය පුතු සමග කොණ්ඩය කැපීමට නගරයට ගොස් එමින් සිටියදී ඔහුගේ යතුරුපැදිය පසුපස හඹා පැමිණි යතුරු පැදිකරුවන් දෙදෙනකු මෙසේ වෙඩි තබා ඇතැයි කියති. සාජන් මේජර්වරයාට වෙඩි වැදී නැති බවත් ඔවුන්ගෙන් බේරීමට ඔහු යතුරුපැදියද මග දමා පැනගොස් ඇතැයිද පොලිසිය පවසයි.
අඟහරුවාදා (5) දිනයේද රත්ගම හිටපු ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සැකපිට ඇප ලබා සිටින මිටියාගොඩ පදිංචි සැකකරුවකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම වෙඩි තැබීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පැන නැගුණු සැකයක් පිළිබඳව සොයා බලන බවද පොලිසිය කියයි.
මේ අතර තෙල්වත්ත මිදිගස්වත්ත ප්‍රදේශයේ ධීවරයකුටද වෙඩි තැබීමට පැමිණි අයකු පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයිද ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවද මීටියාගොඩ පොලිසිය පවසයි.
ජායාරූප - දිපාල් ද සිල්වා
ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්

![IMG_0291[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_02911.jpg)
![IMG_0314[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_03141.jpg)
![IMG_0316[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_03161.jpg)
![rathnapura_1176[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/rathnapura_117611.jpg)
![1_6_2015_10_44_AM_0002[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/1_6_2015_10_44_AM_00021.jpg)
![1_6_2015_10_48_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/1_6_2015_10_48_AM_00011.jpg)
![1_6_2015_10_49_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/1_6_2015_10_49_AM_00011.jpg)
![1_6_2015_10_51_AM_0001[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/1_6_2015_10_51_AM_00011.jpg)
