තෙල්ලිපලේ හුණු ගල් හාරා කොටු වේ


 

සංවර්ධන ව්‍යපෘති  මුවාවෙන් යාපනය තෙල්ලිපලේ රජයේ ඉඩම්වල බැකෝ යන්ත්‍ර උපයෝගී කැර ගෙන  නීති විරෝධි ලෙස හුණු ගල්  කැඩු බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගත් බව  යාපනයේ පොලිස් විශේෂ  කාර්ය බලකාය කියයි.

රජයේ ඇතැම් නිලධාරියෝද ව්‍යාපාරිකයන්ද  මීට සම්බන්ධයැයි  තොරතුරු ලැබී ඇත.