තෙල්දෙනියේ දී හිටපු සෙබළෙක් අත්අඩංගුවට


කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල්වරයකු තුවාල කළැයි කියන පුද්ගලයකු තෙල්දෙනියේ දී අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු ද ඔහුගේ අට හැවිරිදි දියණිය ද වෙඩි වැදී තුවාල ලද බව පොලිසිය කියයි.

යුද හමුදාවෙන් පැන ගිය බව කියන මේ පුද්ගලයා සිය බිරිය හා දරු දෙදෙනා සමග යතුරු පැදියෙන් යද්දී පොලිස් නිලධරයකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළැයි ද, ගිනි අවිය පත්තුවී ඔහුගේ දියණියට ද වෙඩි වැදුණේ යැයි ද පොලිසිය කියයි.

දියණිය මහනුවර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.