තෙල්දෙණියේ ඉන්ධන පිරවුම් හලක ගින්නක්


තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇති වු ගින්නකින් ඉන්ධන රැගෙන ආ බවුසර් දෙකකට හා අසල නිවෙසකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. අද සවස හතරට පමණ හටගත් මෙම ගින්න  රාත්‍රී නවය පමණ වන විට පාලනය කළ බව පොලිිසිය පවසයි. මෙම ගින්න හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය  ද තාවකාලිකව වසා දැමුණා.