ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඉන්ධන මිල අඩුකිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ නිර්දේශය තවමත් ලැබී නැතැයිද කී ඇමැතිවරයා පසුගිය ඔක්තෝබරයේ මෙරටට ගෙන්වූ ඛනිජ තෙල් තොග තවමත් තිබෙන නිසා ලෝක වෙළඳපොළේ මිලට සාපේක්ෂව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව කීය.
ඛනිජ තෙල් මිල තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මිල සූත්‍රය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද කැබිනට් අනුමැතිය සඳහා යොමු කැරිණි.


