තෙල් මිල නංවයි


 පෙට‍්‍රල්, ඔටෝ ඞීසල්, සුපිරි ඞීසල් සහ භූමිතෙල් මිල ඉහළ නැංවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි.

විසි දෙවැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ නංවා ඇති අතර  ඒ  අනුව ඔක්ටේන් 90 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය පනස් නවයේ සිට රුපියල් එකසිය හැට දෙක දක්වා ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට හතේ සිට එකසිය හැත්තෑව දක්වා ද ඉහළ දමා ඇත.

ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් හයකින් වැඩිකර ඇති අතර එය රුපියල් එකසිය පහලොවේ සිට එකසිය විසි එක දක්වා වැඩි වී තිබේ.

සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් තුනකින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් එකසිය හතලිස් පහකි.

කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් එකසිය එකොළහේ සිට  එකසිය පහලොව දක්වාද ඉහළ දමා  ඇත.