(යොහාන් බාසුර )
ඉන්ධන මිල අද (29) සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ .
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, සුදු ඩීසල් ලීටරය රුපියල් 80 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් අඩු කර තිබේ.
මේ අතර භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අඩු කළ තෙල් මිලට සාපේක්ෂව ඉන්දිය තෙල් සමාගමද ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ
ඒ අනුව නව තෙල් මිල මෙසේය.
ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 375
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 325
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 465
භූමිතෙල් ලීටරයක් රුපියල් 295

