තෙල් නලයක කාන්දුවක්


කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය දක්වා තෙල් පොම්ප කෙරෙන ප්‍රධාන නල 4 න් නලයක සියුම් කාන්දුවක් ඇතිවී තිබේ. මේ නිසා එම කාන්දුව ඇතිවූ නලයෙන් තෙල් පොම්ප කිරීම තාවකාලිකව නතර කර ඇති බව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

කොළඹ වරාය පරිශ්‍රෙය්දී ඇතිවී තිබෙන මෙම කාන්දුව නිසා මුහුදු ජලය සහ තෙල් මිශ්‍ර විය හැකි බැවින් එම නලයෙන් තෙල් පොම්ප කිරීම නතර කර තිබේ. මෙම තෙල් නලය අද (28) සවස වන විට පිළිසකර කරගත හැකි වෙතැයිද ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.