තෙල් දුම්රියක් තලාවේදී පීලි පනී


තෙල් රැගෙන අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක් තලාව දුම්රියපළේදී අද අළුයම පහයි පනහට පීලි පැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් අවහිර විය.

ඇන්ජිමද සමග තෙල්  ටැංකි තුනක් පීලි පැන ඇත.

තෙල් කාන්දුව වැලැක්වීමට සියළු පියවර ගෙන ඇතැයි බලධරයෝ  කියති. 

මහවෙන් ඇන්ජිමක් ගෙන්වා දුම්රිය යලි පීලි ගත කිරීමට පියවර ගෙන ඇති අතර රජ රට රැජින මාතර බලා පිටත්වීමට නොහැකිව අනුරාධපුරයේ නතර කර ඇත.

අවහිරය මග හැරීමට දෙපැයක් වත් ගතවෙතියි කියති.