කොළඹ වරායේ සිට බ්ලූමැණ්ඩල් හි ඉන්ධන ටැංකි සංකීර්ණය දක්වා නැව්වලට යොදා ගන්නා තෙල් ප්‍රවාහනය කෙරෙන නලයක සිදු වූ කුඩා සිදුරකින් අද උදෑසන සිට තෙල් කාන්දු වන්නට පටන්ගත්තේය. බ්ලූමැන්ඩල්හි රේල්පාර වත්ත වැසියන් මේ බව බලධාරීන්ට උදෑසනම දැනුම් දුන්නද සවස් වන තුරුම එයට නිසි විසඳුමක් ලබා නොදුන් බවත් මෙය අද රාත්‍රියේදී විශාල වශයෙන් කාන්දු වීමට පටන් ගතහොත් ලොකු විනාශයක් සිදුවීමට ඉඩ ඇති බවත් කියයි.

