තෙඹුවන සිද්ධිය ගැන හොයන්න පොලිස් කණ්ඩායමක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

තෙඹුවන පොලිසියේ සැරයන්වරයකු  අත්අඩංගුවට ගත් වැලි ලොරිය ස්ථානාධිපතිවරයා නිදහස් කිරීම හා එම සැරයන්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් අද (08) තෙඹුවනට පිටත් කර හැරිය බව පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පැවසීය.

ඉකුත් 03 වැනි දින සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබා දුන් උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් ඒ සඳහා පිටත් කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.