තෙන්ඩුල්කාර් අයි. පී. එල්. තරග බිමෙන් සමුගනී


සීමිත  ඕවර කි‍්‍රකට් තරග ආරම්භ වීමෙන් පසුව බිහිවූ ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් අවිවාදයෙන් සැලකිය හැකි ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කාර් අද (26 වැනිදා) අයි. පී. එල්. තරග බිමෙන් සමුගත්තේය.

මුම්බායි පිල විසින් පළමු වතාවට අයි. පී. එල්. ශූරතාව දිනාගැනීමෙන් පසුව සිය සමුගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කළ තෙන්ඩුල්කාර් පැවසුවේ අයි. පී. එල්. තරගාවලියේ ශූරතාව සදහා තමන්ට වසර හයක් බලා සිටීමට සිදුවූ බවයි

”ලෝක කුසලානයක් දිනන්න මා වසර 21 ක් බලා සිටියා. අයි. පී. එල්. කුසලානය දිනන්න වසර 6 ක් බලා සිටියා” යයි තෙන්ඩුල්කාර් පැවසීය.

වසර 2008 දී මුම්බායි ඉන්දියන්ස් පිලේ සුවිශේෂී කී‍්‍රඩකයා ලෙසින් එක්වූ තෙන්ඩුල්කාර් අද පැවැති අවසන් මහ තරගයට කී‍්‍රඩා නොකළේය.