කළු ගඟේ රත්නපුර මල්වල මිහිටියේදී සිදුවූ ඔරු අනතුරින් තෙදිනක් තිස්සේ අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයකුගේ සිරුර කළු ගඟේ පාවෙමින් තිබියදී අද (5) උදෑසන හමුවිය.
ඉකුත් දෙවැනිදා සිදුවූ ඔරුව පෙරලීමෙන් එකම පවුලේ පියා, දුව සහ පුතා මියගියහ.
පියා සහ දියණියගේ සිරුරු එදිනම සොයා ගත්තේය.
චරිත බාලසූරිය නම් තරුණයාගේ සිරුර දින තුනක් අතුරුදන්ව තිබිණ. සිරුර සෙවීමට ගත් උත්සාහය පසුව අත්හැර දමා තිබිණ.