තෙදැති පත්තිනි අප රකින්නේ


අලුත් අවුරුදු උදාවට, භව භෝග සශ්‍රීකත්වයට, සහ රෝග නිවාරණය අරමුණු කොට ගෙන පාරම්පරිකව පැවැත එන ගම්මඩු  ශාන්ති කර්මයක්  නුගේගොඩ තලපත්පිටියේ දි අද දහවල් අවසන් විය  .

පිළියන්දල ගනේවත්ත පත්තිනි දේවාලයේ  මහී සුදේශ් වැලිවත්ත කපු මහතාගේ ප්‍රධානත්වයෙන්  කපුමහත්වරුන්  විසි දෙනෙකුගේ  සහ පහත රට බෙර වාදකයෝ දස දෙනකුගේ සහභාගිත්වයෙන් ඉරිදා රාත්‍රී ඇරැඹි  දෙවොල් මඩුව  අවසන් වූයේ අද දහවල් දේව දානයෙනි

59 වැනි වරට පැවැත්වූ මේ සඳහා තලපත්පිටිය බී එඩ්වින්  මහතා අනුග්‍රහය දැක්වූයේය