(ගයාන් සූරියආරච්චි)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියන තුසිත හල්ඔළුව නැමැත්තාට හෙට (7) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
ජනාධිපතිවරයාට සම්බන්ධයෙන් පුද්ගලයකු විසින් සමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලට අදාල එම පුද්ගලයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.