තුවාලකරුවන් රෝහලට යවන්න නාමල් උදව් වේ


පඩුවස් නුවර 47 දෙනකුගෙන් සමන්විත පිරිසක් රැගත් බස් රථයක් සෙනසුරාදා (24) රාත්‍රී  කුරුණෑගල මහ නුවර ප්‍රධාන මාර්ගයේ මාවතගම ගලගෙදර 10 කණුව අසලදී පෙරැළී 23 හැවිරිදි තරුණයෙක් මිය ගියේය.

46 දෙනෙක් තුවාල ලබා ගලගෙදර, මාවතගම හා මහනුවර රෝහල් වලට ඇතුළු කරනු ලැබූහ.

රියැදුරු පොලිස් අත්අඩංගුවේ පසුවේ.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේදී ගලගෙදර මැතිවරණ රැලියකට සහභාගී වීම සදහා යමින් සිටි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි පැමිණ ඔහුගේ ආරක්ෂකයන් ගමන් කළ ඩිපෙන්ඩර් රථයෙන් තුවාල කරුවන් රෝහල් කරා ගෙන යන ලෙස උපදෙස් දුන්නේය.