තුවාල සනීප කරන බෙහෙතකට ප්‍රසම්පාදනය දෙයි


(අංජුල මහික වීරරත්න)

නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තුවාලවලට ප්‍රතිකාර කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා භාවිත කරනු ලබන නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000 ක් (20cm x 40cm ප්‍රමාණයේ) සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වූ ශ්‍රී ලංකාවෙහි CIC Holding PLC (Manufacturer: Smith & Nephew Medical Limited., United Kingdom) වෙත ප්‍රසම්පාදනය රුපියල් මිලියන 639.5 ක ( එකතු කළ අගය මත බදු) මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.