තුවක්කුකරුගේ බැටරි බහී


සිය මවට හා ඥාතීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන අවිස්සාවේල්ල ඉහළ තල්දූව පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

කුඩා බැටරි 3 ක් යොදා ගැනීමෙන් ඇතිවන විදුලියෙන් ක්‍රියා කරන ගිනි අවියක් ඔහු භාවිතා කර ඇති අතර නිවස අසල බිම දමා තිබියදී අදාළ ගිනි අවිය සොයාගත් බවත් පොලිසිය කියයි.