තුවක්කුකරු පරදී පඩි සල්ලි බේරේ


බංඩාරගම හේනේගම කම්හලක වැටුප් ගෙනයමින් සිටි කළමනාකරු නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහර මැද්දේ කම්හල දක්වාම වාහනය ධාවනය කර පඩිසල්ලි බේරා ගත් බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදල් රැගෙන එද්දී යතුරු පැදි කරු කළමණාරුට පිස්තෝලයකින් වෙඩි තැබූ නමුත් ඔහු හිස පහත් කර ඉන් බේරී ඇති බවත් එවිට තුවක්කකුකරු කළමණාකරු ගමන්ගත් වාහනයේ ටයර් වලට වෙඩි තබා ඇතැයිද  කියති.

කළමණාකරු කම්හල දක්වාම වාහනය නොනවත්වා ධාවනය කර පඩි සල්ලි බේරාගෙන ඇත.