තුරුණු ශක්ති හොඳම ගායිකාව මම


SAN_3740

 

අප හමුවුණු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ
ඔබහැර ගිය තැන සතුටින්
ඉන්නවාද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත්
තරහා නැහැ හිතුණේ
එක පාරක් දුටුවා නම්
කඳුළු නෑ දෙනෙතේ...

 

 

ශෂිකා නිසංසලා ගැයූ ඒ ගීතයට ලැබෙන්නේ ඉතාම ඉහළ ප‍්‍රතිචාරයි. ඒ ගීතයට විතරක්ම නොවෙයි. ගිම්හාන කාලය, දුර යන්න සිතුවාට, මල් සර හී සරින් ඇතුළු පසුගිය කාලය  පුරාවට ඇය ගැයූ ගීත සියල්ලම වාගේ ඉතා ජනප‍්‍රිය වුණා. එක් රාමුවකට කොටුනොවී, වින්දනාත්මක ගායන කලාවක නිරත වන ශෂිකා නිසංසලා ප‍්‍රාසංගික වේදිකාවට වගේම එළිමහන් වේදිකාවටත් නැතුවම බැරි ශිල්පිනියකි.


එහෙව් වූ ශෂිකා අද ආඩම්බරකාර චරිතයක්. මේ ආඩම්බරකමට හේතුව පුතාල දෙදෙනෙකුගේම මවක් වීමලූ. ඒ පුතාලා දෙන්නාගේ ආඩම්බරකාර මව අද අපට කියන්නේ මොනවාද බලමු.

 

dy


button ශෂිකා කොහොමද ඉතින්?
ගොඩක් හොඳයි. පුද්ගලික ජීවිතයේ වගේම සංගීත ක්‍ෂේත‍්‍රයේ කටයුතුත් සමබරව කරගෙන යනවා. හැබැයි මොන දේ කළත්, පළවැනිදේ මවක ලෙස කරන වැඩ ටිකයි. ඒ සියල්ලට මගේ අම්මා-තාත්තා වගේම සැමියාගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්.

 


button විවාහයෙන් පසුව ඔබ පුද්ගලික විස්තර කිව්ව නැති තරම්. ඇයි ඒ?
විශේෂත්වයක් තිබුණේ නැහැ. මගේ ගමන හෙමින් ආවේ. සරසවි කාලයේදීමයි සුරංග සහ මම අතර දැන හඳුනාගැනීම ඇති වුණේ. ඉන් වසර පහකට පමණ පසුව අපි විවාහ වුණා. දැන් අපි දෙන්නට පුතාල දෙන්නෙක් ඉන්නවා.

 


button ඒකද මෙච්චර ආඩම්බරයි කියලා කියන්නේ?
ඒක ඇත්තටම වචන වලින් විතරක් කියන්න බැරි තරමේ දෙයක්. මම කළ ගුරු වෘත්තියේ රැුකියාවෙන් පවා අයින්වුණා. පුතාලා දෙන්නාගේ වැඩ ටික කරන්නේ හරිම ආසාවෙන්. එදා මම ගෙදර සිටි කාලයේදී මගේ මල්ලි මේ ගායනා ක්‍ෂේත‍්‍රයේ කටයුතු ඇතුළු සියල්ලට ගොඩක් උදව් කළා. මල්ලී වුණාට එයා අයියා වගේ ඒ දේවල් කළේ. අද සුරංග මට මහා හයියක් වෙලා. ඒ හැමෝම ගැන හිතත්දී පුංචි ආඩම්බර කමක් මට මා ගැන ඇති වෙනවා.

 


button පුතාලා දෙන්නගේ විස්තර?
ලොක්කගේ නම, මිහින් හෙළංක. එයාට අවුරුදු 4යි. පොඞ්ඩාගේ නම හිරුන් දෙවංග. ගිය අවුරුද්දේ ජනවාරියේ උපන්නේ. මේ දෙන්නා ඉක්මණට ලොකු වෙන හැටි ආසාවෙන් බලාගෙන ඉන්නේ.

 


button සැමියා ගැන කතා කළොත්, එයාට ගායනයට දක්‍ෂතා නැතිද?
එයා උපාධිය කළේ විද්‍යා අංශයෙන්. එයා ගායනයට සම්බන්ධ නැතත්,  මගේ සංගීත ජීවිතයේ බොහෝ දේ වෙනුවෙන්, නිරන්තරයෙන් උනන්දු කරවනවා. ‘ගිම්හාන කාලයේ’ ගීතය පවා කළේ මගේ සරසවි විභාග අතරෙදීයි. ඒකට එයා ගොඩක් උනන්දු කළා. මම හිතන්නේ නැවත මට ජනප‍්‍රිත්වයක් ගෙන දුන්නේ ඒ ගීතයයි. ඇත්තටම නිතර අලූත් අදහස් මට දෙන්නේ එයා.

 


button සුරංග... ඇත්තද මේ ශෂිකා කියන්නේ?
එහෙම වෙන්න එපායෑ නේද?

 


button සුරංග ඔබගේ ප‍්‍රියතම ගායිකාව කවුද?
මගේ භාර්යාව තමයි.

 


button ඇයගේ ඔබ කැමතිම ගීතය?
තවම මම ගොඩාක්ම ආසා ‘නිසංසල සඳක්’ ගීතයටයි. අනෙක් ගීත ඔක්කෝටමත් කැමතියි.

 


button ශෂිකාගේ ගීතවලට අමතරව වෙනත් ඔබ කැමති ගීත මොනවාද?
අමරසිරි පීරිස් මහතා ගයන ‘කවුරුවත් එන්නේ නෑ’ ගීතයත් මගේ ප‍්‍රියතම එකක්.

 


button ශශිකා බිරින්දෑ හැටියට තෝරා ගැනීම ගැන අද ඔබට හිතෙන්නේ කොහොමද?
ගොඩක් හොඳට හිතලා බලලා ගත්ත තීරණයක් කියලා හිතෙනවා. ඒ තීරණය සාර්ථක වෙලා. ජීවිතය හොඳට තේරුම් අරගෙන ජීවත්වන කාන්තාවක්. මොන දේ කළත් ඇය වැඩියෙන්ම කැමති පුද්ගලික ජීවිතයට වග පෙනෙනවා. ඇයට ඇයගේ ජීවිතය පළවැනි තැන පවුල් ජීවිතයයි.

 

SAN_3763
button ‘නිසංසල සඳක්’ ගීතය ඇය ගැයුවේ ඔබ වෙනුවෙන්මද?
එහෙමම නැහැ. සමහර විට එහෙමම වෙන්නත් පුළුවනි.

 


button ශෂිකා ඔබ ඔබගේ ගීතවලට අමතරව වෙනත් අයගේ ගීත අතරින් වැඩිපුරම කැමති ගීත මොනවාද?
කොහොමටත් එදා ඉඳලාම මම සුජාතා අත්තනායක මහත්මියගේ ගීත වලට ආසයි. ඇගේ සියලූම ගීතවලට වගේ ආසයි. ඒ අතරින් ‘පරවුනු මල්වල සුවඳ අතීතේ’ ගීතය සහ ‘දුනු කෙයියා මලක් වගේ’ ගීතයට ගොඩක්ම ආසයි.

 


button පසුගිය 2014 දී වගේම ඊට පෙරත් ඔබ සම්මාන රැසක් හිමිකරගත්තා. ඒ ගැන කොහොමද හිතෙන්නේ?
ඒ ගැන නම් කතා කරන්නම  ඕනෑ. මේ වන විට ක්ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවා. නමුත් මට මගේ සංගීත ගමන පටන් ගත්තේ මුතුහර, උදාර ළමා වැඩසටහන් වලින්. 99දී තුරුණු ශක්ති හොඳම ගායිකාව වුණා. එතකොට මම 12 වසරෙ උසස් පෙළ සිසුවියක වුණා. එතැන් සිට පසුගිය වසරේ ජාතික රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී හොඳම ගායිකාව සම්මානය ලැබුවා. මේ දක්වා විශිෂ්ඨ ගණයේ සම්මාන 11ක් විතර ලබා තිබෙනවා.

 


button රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයට විශේෂ වූ ගීතය මොකක්ද?
‘මේ තරම් දිගු රාත‍්‍රිය’ ගීතයට ඒ සම්මානය ලැබුණේ. දර්ශන රුවන් දිසානායකයන්ගේ සංගීතයට කාශ්‍යප ද සිල්වා රචිත ගීතයක්. ඒකට අමතරව පසුගිය කාලයේදී සනිධප කණ්ඩායමේ ප‍්‍රසංග තිසේරා එක්ක ගැයූ ‘සඳරේණු ඇති ?ක’ සහ චාමර වීරසිංහ එක්ක ගැයූ ‘කවුරුන්ද කවුළුව වැහුවේ’ යන ගීතද අතිශයින් ජනප‍්‍රිය වුණා. ඇත්තටම මගේ ගමන ප‍්‍රාසාංගික සහ එළිමහන් වේදිකාවටත් සමබර වුණා. ඒ නිසා මට හිතෙන විදියට මම අසාර්ථක චරිතයක් නොවෙයි.

 sdfh

 

 

sadun-gamage