තුර්කියේ භූමි කම්පනයක්


තුර්කියේ රික්ටර් මාපකයේ ඒකක 4 ක අගය ගත් භූමි කම්පාවක් අද(17) එරට වේලාවෙන් පෙරවරු 4.25 පමණ හටගෙන තිබේ.තුර්කියේ අෆ්සින් නගරයේ මෙම භූමි කම්පාව හටගෙන ඇත.

අෆ්සින් නගරයේ කිලෝ මීටර 10 ක පමණ ගැඹුරින් මෙම භූමි කම්පාව හටගෙන තිබේ.භූමි කම්පාව හේතුවෙන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ගමන් කර ඇත.

නමුත් භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි වාර්තා වී නොමැත.