තුනෙන් දෙකට මාරුවී බරට දඩ කයි


සාගරිකා කාර්යාල දුම්රියේ තුන්වැනි පංතියේ ටිකට්පත්වලින් දෙවැනි පංතියේ මැදිරිවල ගමන් ගත් මගීන් 67 දෙනකු අද (22) පෙරවරුවේ අල්ලා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවට හැකි වී තිබේ.

මොරටුවේ සිට කොටුව දක්වා සිදුකළ විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී මෙම මගීන් අල්ලාගෙන ඇත.

මගින්ට රුපියල් 2500 බැගින් හා ගමන් ගාස්තුවෙන් දෙගුණයක් දඩ නියම කිරීම යටතේ මගීන් 32 දෙනකු එම අවස්ථාවේම රුපියල් 84180ක් ගෙවූහ.

ඉතිරි 35 දෙනා පසුව දඩ ගෙවීමේ පොරොන්දු මත ඇප වශයෙන් භාණ්ඩ තබා ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව කියයි.