තුන්වැනි සික පදය කඩන අය වැඩිලූ


ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි. 2010 සමීක්‍ෂණ අනුව තිස්පන්දාහකටත් හතළිස් හත්දාහකටත් අතර ගණිකාවෝ සිටිති. ලැගුම් හල් ආශ‍්‍රිතව ආරක්‍ෂක කොපු පාවිච්චි කරන පිරිස සියයට 63 කි. සම්භාහන මධ්‍යස්ථානයන්හි එම සංඛ්‍යාව සියයට 70 කි. වීදි ආශ‍්‍රිතව සියයට 82 කි. ආසාදනවලට ගොදුරු වූ වැඩි පිරිස වයස අවුරුදු 30-44 කණ්ඩයමට අයත් වේ. වයස අවුරුදු 20-44 වයස් කාණ්ඩයේ අය ද ආසාදනවලට ගොදුරු වී සිටිති. එයින් පෙනෙනුයේ වයස අවුරුදු 15-19 කණ්ඩයේ පාසල් සිසුන්ද ඊට ගොදුරු වී ඇති බව යැයිද වෛද්‍යවරිය කියන්නීය.