තුන්මාසය සපුරා රතුපස්වල පොල් ගසති


ජනපති පොරොන්දු වූ පරිදි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව රතුපස්වලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් සුදු ඇඳගත් දෙදහසක් පමණ කම්හල ඉදිරිපිට ගලක් තබා පොල් ගැසූහ.

කම්හලේ පාලනාධිකාරියේ තිදෙනකුගේ නම් කියා දේව කන්නලව්කර පොල් ගැසීමෙන් පසු සියලු දෙනා සාමකාමීව විසිර ගියහ.

මුල සිටි ගැමියන් හා උද්ඝෝෂණය කළ තෙරිපැහැ සිරිධම්ම හිමි සහභාගී නොවීම විශේෂත්වයක් විය.