තුන්නානේ රබර් ගහේ නඩුවෙන් හතරක් ගෙදර


පසුගිය මාර්තු පළමු වැනි දා හංවැල්ල තුන්නානේ උද්ඝෝෂණයක දී කැපූ රබර් ගසකට යට වී බොරැල්ල හිටපු පොලිස ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා මිය යාම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි සිව් දෙනෙක් අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් යූ සී එච් සී දනන්සූරිය මහත්මිය විසින් නිදහස් කරනු ලැබූහ.

දෙවැනි සැකකරු ධර්මසිරි පේඩිගේ සරත් කුමාර පමණක් ලබන 29 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.