හංවැල්ල තුන්නානේ පසුගිය 16 වැනි දා ගැටුමේ දී නීති විරෝධී ක්‍රියා කළ 26 දෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම 26 දෙනා අතර කාන්තාවන් ද සිටින බව පොලිසිය පවසයි.
එවැනි පුද්ගලයනට රැකවරණ දීමත් නීති විරෝධී ක්‍රියාවක් බව කියන මාධ්‍ය ප්‍රකාශක එවැනි අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි.
පොලිසියෙන් සැඟවී සිටින අයට එරෙහිව ද නඩු පැවරිය හැකි බව ඔහු පවසයි.

