තුන්නාන යුද පිටියක් වෙයි


හංවැල්ල තුන්නානේ රබර් කම්හලකින් සිදුවෙතැයි කියන පරිසර දුෂනයට එරෙහිව උද්ඝෝෂණයක් කළ ගැමියනට පොලීසිය අද ක‍ඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කළේය.

කුපිත වු ගැමියෝද පාරට ගස් කපා ටයර් පුළුස්සමින් ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.

උද්ඝොෂණය මැඩ පැවැත්වීමට ගිය පොලිසිය ගැමියෝ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමත් සමග තවත් කුපිත වු  ගැමියෝ ඔවුන් ඉල්ලා කෑ කෝ ගසන්නට වුහ.

ඔවුන් ආරක්ෂාව පතා අසල තිබු විහාරස්ථානයට ගියද පොලිසිය එහි ගොස් උද්ඝෝෂකයින් පලවා හරින්නට ක්‍රියා කළේය.

මීට එක් වු කාන්තාවන් ද ඇදගෙන ගිය ආකාරය මාධ්‍යවේදී හු දුටහ.