බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා බන්ධනාගාර කොමසාරිස්ට නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජයත් සමග එතෙර ගිය බැසිල් පසුව ප්‍රකාශ කළේ ප්‍රතිකාර සඳහා ගිය බවයි. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරු මහේස්ත්‍රාත්ට කරුණු කීහ. ඔහු සමග රිමාන්ඩ් භාරයට පත් කළ ආර්ථික අමාත්‍යංශ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයසිංහ හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් රණවක ද බන්ධානාගාර රෝහලට මාරු කරනු ලැබ සිටිති.

