තුන්දින තරගයේ දෙවැනි දිනය වර්ෂාවට දියවෙයි


සංචාරක බංග්ලාදේශ පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල අතර මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (04) වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට හැකි වූයේ විනාඩි 30 ක් පමණි. දහවල් 12.10 ට පමණ නැවතත් වර්ෂාව ඇද හැළෙන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 8 ක් ලබා සිටියේය.

වර්ෂාව හේතුවෙන් තරග පෙරවරු 11.30 ට පමණ ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 410 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. කිත්රුවන් විතානගේ පන්දු 165 කදී හතරේ 17 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 168 ක් රැස් කිරීමට සමත් විය.
අද (05) තරගයේ දෙවැනි දිනය වන අද පෙරවරු 9.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.  

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල පළමු ඉනිම  ඕවර 93.1 කදී කඩුලූ 9 ට 410

(අෂේන් සිල්වා 29, උදාර ජයසුන්දර 20, ෂෙහාන් ජයසූරිය 26, ඇන්ජලෝ පෙරේරා 15, කිත්රුවන් විතානගේ නොදැවී 168, අෂාන් ප‍්‍රියංජන් 83, ළහිරු ගමගේ 18, සොහග් ගෂි 104/5, එලියස් සනී 74/3)

බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර කිසිවකු නොදැවී 8

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)