සිංහල,දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව තමන් ජීවත් වන ප්‍රදේශයේ බුදුමැදුරක් ස්ථාපිත කරමින් මෙරටේ ජාතීන් අතර තිබිය යුතු සංහිදියාව සහ සහජීවනය ප්‍රායෝගිකව ඔප්පු කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක මතයක සිට සංහිදියාව සහ සහජීවනයට ලබා දෙන ආදර්ශ සහ මගපෙන්වීම් වෙනුවෙන් මෙවන් කටයුතු මහත් පිටුවහලක් වන්නේ යැයිද පැවසු ඒ මහතා බුදුමැදුරක් ඉදී කොට එම බුදු කුටිය විදුලියෙන් ආලෝකමත් කිරීම සඳහා තමන්ගේ සහය ඉල්ලා එම සත් කටයුත්තේ පෙරමුණ ගත්තේ ප්‍රදේශයේ දෙමළ ජාතික මහතෙකු වීම ඇතැම් ජාතිවාදී,ආගම්වාදී,වර්ගවාදී පුද්ගලයන්ට හොඳ ආදර්ශයක් මෙන්ම අතුල් පාරක් යයිද කීය.
මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කෙළේ ගම්පොල මැතිවරණ කොට්ඨාසයේ පුස්සැල්ලාව වතු ආශ්‍රිත ප්‍රදේශයේ නව මෙල්පට් ගම්දොරටුවේ ඒ මහතාගේ විමධ්‍ය ගත මුදලින් ඉදිකල බුදුමැදුර හා එහි පැති බැම්මත් විදුලි ආලෝකයත් වීවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම ගම්මානයේ වෙසෙන සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව එසේ එක්ව මෙම සත්කටයුත්ත සිදු කළේ ප්‍රදේශයේ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් හා අනුසාසකත්වයෙනි.