ප්‍රංශ හා කැනඩා ජාතිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් තුන් කෝටියක් වංචා කළැයි කියන හය දෙනෙක් රහස් පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
මෙම කාඩ් හා හොරට හැදීම සඳහා යොදා ගත් යන්ත්‍ර සමග දෙදෙනකු ප්‍රංශයට හා කැනඩාවට පැන ගොස් ඇතැයි ද, ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එහි ජීවත් වෙතියි ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔවුන් අත්අඩංගුවට ගනීමට පියවර ගන්නා බව ද පොලීසිය කීවේය.
ආනන්ද රූබම් කුලදීපම්, රත්නසිංහම් ජයහරන්, ජයචන්ද්‍රන් බාලේන්ද්‍රන්, බාලසිංහම් විජේදාසම්, කනපතිපිල්ලේ කෝවලන් හා සිවරාජිනී සිවදර්ශනී ඔවුහුය.
ඔවුන් අත්අඩංගුවට ගනිද්දී රුපියල් දස ලක්ෂයක් පමණ සොයා ගත් බවත්, ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් රුපියල් අසූ ලක්ෂයක් පමණ තුබූ බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරුවන්ගෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගනු ලැබූහ.
වැඩිදුර විභාගය 23 වැනිදාට කල් තැබිණි.