තුනට අරන් දෙකේ ගිහින් දඩ කයි


(මහින්ද නිශ්ශංක)

පොල්ගවෙල සිට රත්මලාන දක්වා ධාවනය කෙරෙන ‘ෆවුසි‘ කාර්යාල දුම්රියේ තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන්ගත් මගීන් 45 දෙනකු ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධයෙන් අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 

කොටුව මෙහෙයුම් ඒකකය මගින් අද(15)  සිදුකල ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදි අල්ලා ගත් මෙම මගීන්ගෙන් 37 දෙනකුට රුපියල් 114,160 ක් දඩ මුදලක් අය කරගත් බව පවසයි.

සෙසු මගීන් දඩ මුදල් පසුව ගෙවීමේ පොරොන්දුව මත මුදාහැරිය බව මෙහෙයුම් ඒකකය පවසයි.