තුණ්ඩුව දොස්තරගෙන් : බෙහෙත් ග්‍රොසරියෙ මල්ලිගෙන්


රජයේ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකුගේ තුණ්ඩුවට පුත්තලමේ ග්‍රොසරියකින් බෙහෙත් නිකුත් කරතියි ආහාර හා ඖෂධ නිලධරයෝ කියති.

බෙහෙත් ගැන කිසිම දැනුමක් නැති මේ පුද්ගලයා ළඟ රුපියල් ලක්ෂ පහළොවක්  පමණ වටිනා බෙහෙත් තිබූ බවත්, ඒවා අත්අඩංගුවට ගත් බවත් දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන නිහාල් ප්‍රේමරත්න හා ඩබ්ලිව් ඩී ප්‍රියන්ත මහත්වරු කියති.