ඕමාන රජයේ ලියාපදිංචියකින් තොරව ඕමාන රියාල් 1500 (රුපියල් 577 211)කට වඩා අඩු මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු සහ අප්‍රිකා රටවල් වලින් ගෘහසේවිකාවන් එරට ගෙන්වා ගැනීමේ නීතීවිරෝධී ශ්‍රමික වෙළද ජාවාරමක් ඕමානයේ සොහාර් ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත කියයි.
මෙලෙස මුදලකට ගෙන්වන ගෘහසේවිකාවන් අතුරින් වැඩිදෙනා ශ්‍රී ලංකාව ,නේපාලය ,ඉන්දියාව , බංගලිදේශය , පිලිපීනය , සහ අප්‍රිකානු රටවලට අයත් වන අතර ඔවුන් වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සදහා එරටට ගෙන්වා ගනු ලබන බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මෙම ගෘහසේවිකාවන් ගැන තානාපති කාර්යාල වලට කිසිදු තොරතුරු දැනුම්දීමකින් තොරව කෙටි කාලයකදී ඕමානයට ගෙන්වා ගනිතියි කියති.
ඕමාන නීතිය අනුව එරටට ගෙන්වන සියලුම ගෘහසේවිකාවන් ඕමාන රජයේ සහ එම සේවිකාවන් පැමිණෙන රටවල් හි තානාපති කාර්යාල වල ලියාපදංචි කළ හැක.
සොහාර් වීදියේ රැකියා ඒජන්සිකරුවන්ට මෙලෙස ශ්‍රී ලංකාවෙන් ගෘහසේවිකාවන් ගෙන්වා ගැනීම අතිශය පහසුවෙන් හා ඉතාම ඉක්මනින් ගෙන්වා ගත හැකි කටයුත්තක් බව කියයි. හැදුණුම්පත ,වීසා බලපත්‍රය හා වැටුප් විස්තර වාර්තා පමණක් ලැබීමෙන් ඔවුන් වසර දෙකක කොන්ත්‍රාත් පදනම මත මෙරටට ගෙන්වා ගත හැකි බවය.නුපුහුණු ගෘහසේවිකාකගේ වැටුප ඕමාන් රියාල් 80ක්ද(රුපියල් 30 785) ,පුහුණු ගෘහසේවිකාවගේ වැටුප ඕමාන් රියාල් 100 (රුපියල් 38 481) ත් 120ත් (රුපියල් 46 178) අතර වන බවද තැරැව්කරු ආරංචි කියති.
ඕමානයේ සොහාර් හි රැකියා ඒජන්සිය තැරැව්කරුවෙකු වන පුද්ගලයෙක් ඕමානයේ ටයිම්ස් ඔෆ් ඕමාන පුවත්පත හා සම්බන්ධ වෙමින් කියා සිටියේ ‘‘මගේම මාර්ගයකින් මෙම සේවිකාවන් ගෙන්වා ගැනීම සදහා තානාපති කාර්යාලයෙන් ගනුදෙනු කිරීම් සිදු කරනවා.ඒ නිසා කිසිම අවස්ථාවක ඔවුන්ට එම තානාපති කාර්යාල වලට යෑමට අවශ්‍ය වන්නේ නැහැ.අපි ඔවුන්ගේ හැමදේම ඉතාම හොදින් බලා ගන්නවා.ඕමාන රියාල් 1200((රුපියල් 461 781) කින් නිදහසේ තමන්ට කැමති අයැදුම් පත්‍රයක් හා සේවිකාවකගේ පින්තූරයක් බැලීම විතරයි ගෘහසේවිකාවන් කිහිපදෙනෙකුගේ විස්තර හා ඡායාරූප පෙන්වමින් පැවසීය.
සොහාර් හි වීදි පුරා පවතින්නේ මෙවැනි අඩුම මුදලකට ගෘහසේවිකාවන් ගෙන්වා ගන්නා ආයතන වේ.එහි සිටි තවත් රැකියා ඒජන්සිකරැවෙක් කියා සිටියේ මෙසේය “ අපිට ශ්‍රී ලංකාව ,නේපාලය ,ඉන්දියාව ආසියා සහ අප්‍රිකා රටවල් වලින් ගෘහසේවිකාවන් ගෙන්වන්නේ මාස හයකටත් වඩා අඩු කාලයකින්.ඕමාන් රියාල් 200ක්(රුපියල් 76 963) ගාස්තුවක් අපි මෙලෙස ගෙන්වන ගෘහසේවිකාවන් වෙනුවෙන් අය කර ගන්නවා.ඔබට ඉතාම කෙටි කාලයකින් ගෘහසේවිකාවක් අවශ්‍ය නම්,එම සේවිකාව ගෙන්වා ගැනීමට වීසා නිකුත් කර ගැනීමක් අවශ්‍ය වන්නේ නැතැයිද පැවසීය.
ඕමාන රජයේ ලියාපදිංචියකින් තොරව ඕමාන රියාල් 1500 (රුපියල් 577 211) කට වඩා අඩු මුදලකින් වැය කරමින් ආසියා සහ අප්‍රිකා රටවල් වලින් ගෘහසේවිකාවන් ගෙන්වා ගැනීමේ නීතීවිරෝධී ශ්‍රමික වෙළද ජාවාරම ගැන මාධ්‍යයට අදහස් දැක්වූ සොහාර් හි සමාජ සේවකයෙකු කියා සිටියේ සංචාරක වීසා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන කාන්තාවන් මෙලෙස නීතිවිරෝධී ආකරයෙන් ගෘහසේවිකාවන් වශයෙන් බදවා ගන්නා බවය.මේ වගේ අතරමං වුණු කාන්තාවන් 13 දෙනෙක් බේරා ගනු ලැබූහ.
මෙම නීතිවිරෝධී වෙළදාම ගැන මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පතට සදහන් කර ඇත්තේ ගෘහසේවිකාවන් වෙනත් ආයතන හා බඳවා ගනු ලැබුවද , ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව පැමිණෙන සියලු දෙනාම නීතිවිරෝධී ලෙස පැමිණි අය වශයෙන් සලකන බවය.
එලෙස විවිධ ඒජන්සි නියෝජිතයින් හරහා නීතියට පටහැනි ලෙස ඕමානයට පැමිණි ලාංකක කතුන් 70 දෙනෙකු එරෙහිව නඩු ගොනු වී ඇති බවත්, .එය වැලැක්වීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන රජයේ සහාය දිගින් දිගටම ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.