තීරණාත්මක අලි කතාබහ සිකුරාදා?


එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිළිබඳ පවත්වන තීරණාත්මක සාකච්ඡාව සිකුරාදා පවත්වන බව සජිත් ප්‍රේමදාස මහතා එසැණට පැවසීය. තමාත් කරු ජයසූරිය මහතා හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා සහභාගී වන බවත්, සිකුරාදා සවස් වන විට සුබවාදී ප්‍රතිඵලයක් තමාට කිව හැකි බවත් සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය.