හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදුකිරීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනපති පරීක්ෂණ කොමිසමට බලයක් නොමැති බවට මතුකළ මූලික විරෝධතාවය ඉවත දැමීමට එම කොමිසම ගත් තීරණයට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය තමන් ලබා ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමට දැනුම් දුන්නේය.
කොමිසමේ අධිකරණ බලය සම්බන්ධයෙන් මතුකළ මූලික විරෝධතාව ඉවත දැමූ පසු ජනපති නීතිඥ ගාමිණී මාරපන මහතා මේ බව කොමිසම හමුවේ කීවේය.

