තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. මේ දිනවල ඔහුගේ අලුත්ම ගීතය "ළං වී සිටි කාලය" එළිදක්වා තිබෙන අතර, එයට ඉහළ රසික ප්‍රතිචාරද හිමිවෙමින් පවතී. අලුත් අවුරුද්දේ "ඔක්ටිව් එන්ටර්ටේට්මන්ට්" ලෙස තමාගේම සංගීතාරගාරයක් ආරම්භ කළ තික්ෂණ මේ දිනවල අපූර්වතම ප්‍රචාරක කටයුත්තක නියැළී සිටියි.
"මේ දිනවල මමත් මගේ අලුත්ම ගීතයට රූප රචනාවක් කළ "හරි" ක්‍රියේෂන් ආයතනයේ ළහිරු මුදලිගෙත් එකතු වෙලා වෙනස්ම ආකාරයේ ප්‍රචාරක කටයුත්තක් සංවිධානය කරලා තියෙනවා. මගේ අලුත්ම ගීතය "ළං වී සිටි කාලය" ගීතයට සමාන කවර් වර්ෂන් එකක් ලස්සනට ගයන්න පුළුවන් කෙනාට අපි රන් පවුමක ත්‍යාගයක් ලබාදෙන්න සූදානම් කරලා තියෙනවා. මේ වනවිට එයට ප්‍රතිචාර දක්වමින් බොහෝ කවර් වර්ෂන් ලැබිලා තියෙනවා. ඉතින් මේ අතරින් හොඳම කෙනා තෝරන එක මේ දවස්වල සිදු කරනවා."



