පල්ලෙකැළේ ති‍්‍රත්ව විද්‍යාලයීය රග්බි කී‍්‍රඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති 69 වැනි බ‍්‍රැඞ්බි පළිහ තරගයේ පළමු අදියරේ තරගයේදී ලකුණු 37 - 25 ලෙසින් රාජකීය විදුහල් පිල පරාජය කළ ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ 2013 බ‍්‍රැඞ්බි තරගයේදී පෙරමුණ ගත්හ.
පළමු අර්ධය නිමා වන විට රාජකීය විදුහල් පිල ලකුණු 18-8 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ලකුණු 29 ක් ලබාගත් ති‍්‍රත්ව සිංහයෝ තරගයේ පළමු අදියර තමන් සතු කරගත්හ.
ති‍්‍රත්ව විද්‍යාලය උත්සාහක දිනුම් 5 කින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත්තේය. රාජකීය විදුහල් පිල ගෝල දිනුම් 2 කින් උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලබාගත්තේය.
දකුණු අපි‍්‍රකානු ජාතික ජොනතන් කප්ලන් මහතා මෙම තරගය විනිශ්චය කළේය.