ති‍්‍රත්ව සිංහයන්ට පහසු ජයක්


මහනුවර පල්ලෙකැළේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් පිල ලකුණු 22-14 කින් පරාජය කිරීමට මහනුවර ති‍්‍රත්ව කී‍්‍රඩකයෝ සමත් වූහ. 

‘ඒ’ කොටසේ තරගයක් වූ මෙහිදී ති‍්‍රත්ව විදුහල් පිල ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල් පිල උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත්තේය.