ති‍්‍ර පුද්ගල කමිටු වාර්තාව නීතිපතිවරයාට යවයි


ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්වී සිටින තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව පිළිබඳව උද්ගතවී ඇති ගැටලූකාරී තත්වය සම්බන්ධයෙන් ක්රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ ප්රාධානත්වයෙන් යුත් ත්රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන ලද පරික්ෂණයේ වාර්තාව අද (14) ක්රීඩා අමාත්‍යංශයේදී ක්රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට බාර දෙනු ලැබිණ.

එම වාර්තාව මේවන විටත් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනා පිළිබඳව අවසන් තීන්දුව ප්රකාශයට පත්කරන බව ක්රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

අනුර ජයවික්රම මහතාට අමතරව මෙම ත්රීපුද්ගල කමිටුවේ සාමාජිකයින් ලෙස නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, විගණකාධිපති දෙපාර්මේන්තුවේ හිටපු සහකාර විගණකාධිපති බී. එම්. කේ. මොහොට්ටාල යන මහත්වරුද කටයුතු කළහ.

**