තිළිණිට එරෙහි නඩුවක් කල් යයි


මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු  11 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ  විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය. 

විත්තිකාර තිළිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් පවසුවන නිසා  පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මීළඟ නඩුවාරයට  පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.