තිසා වැවේ දියනෑම යළි තහනම්


අනුරාධපුර තිසා වැවේ දිය නෑම අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි යළි තහනම් කළ බව අනුරාධපුර දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැවසීය.

එහි දියනෑම හේතුවෙන් ජලය අපවිත්‍ර වන බව කියමින් තිසා වැව සුරැකීමේ සංවිධානය පැවැත්වූ විරෝධතාවය පිළිබඳ කරුණු සොයා බලා මෙම තීරණය ගත් බව දිසාපතිවරයා කීවේය.

මෙම තීරණය නිසා තිසා වැව අවට වැසියන්ට සිදුවන බලපෑම ගැන විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් දිසාපතිවරයා ඒ සම්බන්ධ වාර්තාවක් නගර සභාව හා ජල සම්පාදන මණ්ඩලයට ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.