(ෂෙහාන් චාමික සිල්වා)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට අවසර දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේය.
ඒ අනුව අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත මුදාහරින ලෙස නියෝග කෙරිණ.
අප්‍රේල් 10 සිට 28 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාට යාමට අවසර ලබාදෙන ලෙස අත්තනායක මහතා මීට පෙර ඉල්ලා සිටියේය.

